පට්ඨානප්පකරණයෙහි පැනෙන හේතු පච්චය' පිළිබඳ විමර්ශනාත්මක අධ්යයනයක්
Rev. Pelawatte Sirisugatha (Rev. P. Sirisugatha)
Thesis Abstract
බුදු දහම හේතුඵලවාදි දර්ශනයකි. එමෙන් ම ඒහි පස්සික ගුණයෙන් යුත් දහමකි. මෙම දහම පිළිබඳ බුදුන් දවස සිට අද දක්වා ම විවිධ අර්ථ කථන, නිරුක්ති ක්රම ඉදිරිපත් වී ඇත. ධර්ම සංගායනාවන් පවත්වනු ලැබුවේ ද චතුර්විධ දර්ශන සම්ප්රදායයන් ගොඩ නැගුනේ ද බුදුදහම පිළිබඳ වූ විවිධ අර්ථකථන නිසාවෙනි. " විභජ්ජවාද" යන යෙදුම දීපදුත්තමයන් විෂයෙහි හෝ ධර්මය විෂයෙහි භාවිතවූයේ ද බුදු දහමෙහි වූ විභජන, පර්යාය, හේතු ප්රත්ය ආදි විවිධ අර්ථ කථන ක්රමවේදයන් නිසාවෙනි. අභිධර්ම පිටකය ද එහි ප්රතිඵලයකි. බුදුරජාණන් වහන්සේගේ පරමත්ථ දේසනාව යනු අභිධර්මයයි. ප්රකරණ සතකින් යුක්ත වූ අභිධර්ම පිටකයෙහි භාවිත ක්රම වේදය වන්නේ විශ්ලේෂණය, සංශ්ලේෂණය හා ප්රතිපදා මාර්ගයයි. ඒ අනුව සප්ත ප්රකරණ සංඛ්යාත ථෙරවාද අභිධර්මයෙහි මුල් බුදුසමය දැක් වූ ස්කන්ධ, ධාතු, ආයතනාදි පුද්ගලයා හා අවට ලෝකයෙහි යථාර්ථය චිත්ත, චෛතසික, රූප, නිබ්බාන හා ප්රඥප්ති යන පඤ්ච විධ ධර්ම යටතේ අතුරුවා ඇත. මේ සියලු ප්රකරණ ග්රන්ථ අතර විශාලත ම ප්රකරණ ග්රන්ථය වන්නේ පට්ඨානප්පකරණයයි. පට්ඨාන යනු විවිධ නානා ප්රකාර ප්රත්යයන් ය. එම ප්රත්යයන්ගේ එකට පැවැත්ම ය. එනම් සංශ්ලේෂණයයි. එය නය සාගරයකි. ථෙරවාද නය (න්යය) ප්රධාන වශයෙන් ද්විධය. එනම්, පටිච්ච සමුප්පාද නය හා පට්ඨාන නයයි. හේතු ප්රත්ය සමූහයක ඵලය ප්රකාශ කිරීම පටිච්චසමුප්පාද නයයි. එම ඵලය ඇති වීමට ප්රත්ය වූ හේතු සාධක මොනවාද යන්න විමසීම පට්ඨාන නයයි. ඒ අනුව සියලු නාම-රූප ධර්මයන්ගේ පැවැත්මට හේතු වන ප්රත්ය සූවිස්සක් ප්රධාන නය සතරක් ආශ්රයෙන් මෙහි දක්වා ඇත. 'හේතු පච්චය' යනු එම සූවිසි ප්රත්යයන්ගේ පළමුවැන්නයි. යම් ධර්මයක් තවත් ධර්මයක ඉපැද්මට හා පැවැත්මට මූල වශයෙන් හේතු වශයෙන් නිදාන වශයෙන් සිටිමින් ප්රත්ය වීම උපකාර වීම හේතු පච්චයයි. හේතු සයෙකි. ලෝභ, දෝස, මෝහ, අලෝභ, අදොස, අමෝහ යනුවෙන් පට්ඨානප්පකරණයෙහි දැක්වෙනුයේ ඒ හේතු සයයි.
මුල් බුදු දහමේ අරමුණ සත්වයා සංසාරික දුක් රැසෙන් මුදවා ආර්ය මාර්ගයෙහි පිහිටුවාලීමයි. අරිය සත්ය දේශනාව පටිච්චසමුප්පාද දේශනාව මෙන්ම පට්ඨාන දේශනාවෙහි ද අරමුණ එයයි. පුද්ගලයා කාම, භව, විභව යන භවත්රය සඳහා නැතහොත් භව කර්ම සඳහා අවශ්ය වන සංස්කාර ධර්මයන්ගෙන් ප්රතිසන්ධි විඤ්ඤාණයට සවිය දෙන්නේ හේතු ප්රත්යයන්ගෙනි. පටිච්චසමුප්පාදයෙහි අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං ආදී ලෙසින් දැක් වූයේ පුද්ගලයා අවිද්යාදි ප්රත්ය ධර්මයන්ගේ නොදැනීම නිසා සාංසාරික දුක් රැසෙහි නිමග්න වන බවයි. එකී අවිද්යාදි ප්රත්ය ධර්මයන්ට ද ප්රත්ය වන ධර්ම මොනවාද යන්න පැහැදිලි කිරීම හේතු, ආරම්මණ, අධිපති ආදි සූවිසි ප්රත්යයන්ගෙන් සිදු වේ. ඒ අනුව මුල්බුදු සමය දක්වන අයුරින් අවිද්යාදී ප්රත්යයන්ගේ ප්රත්ය සම්බන්ධතාව බිඳ හෙලීම හෝ කාමච්ඡන්දාදි නීවරණ ප්රහීන කිරීම හෝ භව කර්මය බිඳ හෙළිම හෝ පිං පව් බැහැර කිරීම හෝ නිර්වාණය වන්නේ ය. එකී නිවන නම් හේතු පච්චය ධර්ම පිළිබඳ යථාර්ථාවබෝධය ලබා ගැනීමයි. එනම් බඹයක් පමණ වූ කලේඛරයෙහි ප්රත්යයත්, ප්රත්ය හේතුවත්, ප්රත්ය නිරෝධයත්, ප්රත්ය නිරෝග ගාමිණී ප්රතිපදාවන් පිළිබඳ වූ නිරවුල් අවබෝධයයි. එ අනුව මෙම පරියේෂණ ව්යයායාමය මගින් මුල් බුදුසමයෙහි ආභිධර්මික භාවිතයන් පිළිබඳවත් පට්ඨානප්පකරණයෙහි පැනෙන හේතු පච්චය' ධර්මත් ඒවා මුල් බුදු සමය තුළ යෙදී ඇති ආකාරයත් මාර්ගඵල ගවේෂණයේදී හේතු පච්චය ඤාණය භාවිත කරන අයුරු හා හේතු පච්චය ඤාණය පිළිබඳ යථාභූතඤාණදර්ශනය ඇති කරගන්නා අයුරු පිළිබඳ අවබෝධය ලබා ගැනීමටත් හැකි වන්නේය. මූලික පර්යේෂණ ක්රමවේදය භාවිත මෙම නිබන්ධයෙහි මූලාශ්ර භාවිතය සාහිත්ය විමර්ශනය යි. ඒ ප්රාථමික, ද්විතියික හා තෘතීයික වශයෙනි.
ප්රමුඛ පද හේතු පච්චය, පට්ඨානප්පකරණ, පටිච්චසමුප්පාද, මුල් බුදුසමය, අභිධර්මය.

Interactive Document Reader
Full Thesis Document — Access Required
Reading the full thesis document requires permission from the Faculty of Graduate Studies, University of Ruhuna. Submit an access request and you will be granted a personal viewing link once approved.