නූතන සංවර්ධන ව්යාපෘති හා ජනපදකරණ රටාව අලි - මිනිස් ගැටුම කෙරේ ඇති කරන බලපෑම : මොණරාගල දිස්ත්රික්කය ඇසුරින් සිදු කරන සමාජ විද්යාත්මක අධ්යයනයක්
මෙම අධ්යයනයෙන් ශ්රී ලංකාවේ මොණරාගල දිස්ත්රික්කයේ අලි-මිනිස් ගැටුම කෙරෙහි නවීන සංවර්ධන ව්යාපෘති සහ නව ජනපදකරණ රටාවල සමාජ විද්යාත්මක බලපෑම පරීක්ෂා කරන අතර හම්බෙගමුව සහ හම්බෙගමුව ජනපදය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. ශ්රී ලංකාවේ නව ජනපද ඇති කිරීම හා නවීන සංවර්ධන ව්යාපෘති අලි-මිනිස් ගැටුම කෙරෙහි සිදු කර ඇති බලපෑම කෙසේද යන්න පිළිබඳව සමාජ විද්යාත්මකව හැදෑරීම අධ්යයන ගැටලුව ලෙස තෝරා ගන්නා ලදී. විශේෂයෙන්ම ශ්රී ලංකාවේ නවීන සංවර්ධන ව්යාපෘති සහ නව ජනපදකරණ රටාවන්ගේ බලපෑම අලි-මිනිස් ගැටුම කෙරෙහි සිදු කර ඇති බලපෑම ගවේෂණය කිරීම අධ්යයනයේ මූලික පරමාර්ථය වන අතර මිශ්ර ක්රම භාවිත කරන ලදී. මිශ්ර ක්රම ප්රවේශයක් භාවිත කරමින් අධ්යයන ප්රදේශයේ අලි-මිනිස් ගැටුම උග්ර කරන ආකාරය අනාවරණය කර ගැනීම සඳහා ජනවිකාස වෙනස්කම්, සාම්ප්රදායික දැනුම පද්ධති සහ නවීකරණ ක්රියාවලි භාවිතයන් අතර අන්තර්ක්රියාකාරිත්වය අධ්යයනය කර ඇත. ජනගහන ව්යාප්තියේ වෙනස්වීම්, සාම්ප්රදායික පරිසර හිතකාමී ජීවන රටාවන් බාධනය වීම සහ සාර්ව මට්ටමේ බල ව්යුහයන් යටතේ ග්රාමීය සමාජවල ධූරාවලි ප්රතිව්යුහගත කිරීම ඇතුළුව අලි-මිනිස් ගැටුම තීව්ර කිරීමට දායක වන ප්රධාන සාධක අධ්යයනයෙන් හඳුනා ගනු ලැබීය. නව ජනාවාස රටා සහ නැවත පදිංචි කිරීමේ වැඩසටහන් සාම්ප්රදායික පරිසර පද්ධති බිඳවැටීමට පත් කර ඇති අතර එමගින් අලි-මිනිස් ගැටුම වර්ධනය වී ඇති බව අනාවරණය කළ හැකිය. වාරිමාර්ග පද්ධති, ජල විදුලි මුලපිරීම් සහ කාර්මික ව්යාප්තිය වැනි නවීන සංවර්ධන ව්යාපෘති නිසා අලි වාසස්ථාන තවදුරටත් ඛණ්ඩනය වී ඇති අතර අලි ඇතුන් මිනිස් ජනාවාසවලට ඇතුළු වීමට වර්ධනය වී ඇති අතර එමඟින් ගැටුම උත්සන්න වී ඇත. මෙම පර්යේෂණයෙන් ග්රාමීය පවුල්වලට අලි-මිනිස් ගැටුමෙහි සමාජ හා ආර්ථික ප්රතිවිපාක ගවේෂණය කර ඇති අතර බෝග විනාශය, ආදායම් අහිමිවීම, අධ්යාපනයේ බිඳවැටීම සහ පවුල් සහජීවනයේ බිඳවැටීම වැනි ගැටළු ඉස්මතු විය. මෙම අධ්යයනයෙන් මානව-පරිසර අන්තර්ක්රියා, සාම්ප්රදායික දැනුම් පද්ධතිවල කාර්යභාරය සහ නවීන භාවිතයන්ට ඒවායේ සංක්රමණය ග්රාමීය ප්රජාවන් සහ වනජීවීන් යන කොට්ඨාස දෙකම ආන්තිකකරණයට දායක වී ඇති ආකාරය අවධාරණය කර ඇත. මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ඒකාබද්ධ ඉඩම් පරිහරණ සැලසුම් කිරීම, ප්රජා පාදක සංරක්ෂණ ප්රවේශයන් සහ ගැටුම් අවම කිරීමේ තිරසාර ක්රමවේදීන් අවශ්ය බව පෙන්වා දී ඇත. වැදගත්කම ලෙස ගැටුම අවම කිරීමට හේතු සාධක සැපයීම සිදු වේ. තිරසාර ග්රාමීය ජීවනෝපායන් ප්රවර්ධනය කිරීම, මිනිසුන් සහ අලි ඇතුන් අතර සහජීවනය වර්ධනය කිරීම හා ගැටුම තුළින් චින්දිතභාවයට පත් ප්රජාව සඳහා අවශ්ය ක්රමවේදී සැලසුමක් ඉදිරිපත් කර ඇත. එම සැලසුම ගැටුම සඳහා දිගුකාලීන විසඳුම් ක්රියාවලියක් වන අතර ප්රජාව හා ආයතනික සම්බන්ධතාවය තුළින් ගොඩනැගෙන මැදිහත්කරණ සැලැස්මක් වේ. එමෙන්ම පාරිසරික සංරක්ෂණය සමඟ සංවර්ධන ඉලක්ක සමතුලිත කරන ප්රතිපත්ති සඳහා මෙම අධ්යයනයෙන් යෝජනා ඉදිරිපත් කර ඇත. මෙම පර්යේෂණය ප්රතිපත්ති සම්පාදකයින්, සංරක්ෂණවාදීන් සහ ග්රාමීය සංවර්ධන වෘත්තිකයන් සඳහා මෙන්ම මේ පිළිබඳ හදාරන පර්යේෂකයන්ට මගපෙන්වීමක් සිදු කරන අතර ශ්රී ලංකාවේ නූතන සංවර්ධනය සහ ජනපදකරණයේ ව්යාප්තිය අලි-මිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන හේතු සාධකයන් සදහා අවබෝධයක් ලබා දේ.
මුඛ්ය පද: අලි-මිනිස් ගැටුම, ජනාවාසකරණය, සංවර්ධන ව්යාපෘතිකරණය, නවීකරණය, තණමල්විල